i. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු.
මිනිසාගේ
අයිතිවාසිකම් හා නිඳහස සුරක්ෂිත
කිරීම සඳහා දේශපාලනික
වශයෙන් එකට ඒකරාශී වූ මිනිස් කණ්ඩායමක් විසින් ගොඩනගා ගන්නා ලද උත්තරීතර සමාජ
සංවිධානය රාජ්‍යය යි.
රාජ්‍යයේ
ආරම්භය පිළිබඳ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ
මූලික හරය සේ දක්වා ඇත්තේ මිනිසාගේ පොදු යහපතට ඔවුන්ගේ භෞතික අවශ්‍යතාවයන්
ඉටුකරගැනීම සඳහා එකට එකතුවී
පිහිටුවාගත් සමාජ සංවිධානය රාජ්‍යය වන බවයි. සීලාචාර සමාජ ජීවිතයක් මැනවින් ගත්
විට නීතිය හා සාමය සුරකින සමාජයක් බිහිවීම ලිබරල් වාදයේ එකම අරමුණයි. එම රාජ්‍යය
පැහැඳිලිව හඳුනාගත හැකි ලක්ෂණ
කිහිපයකි. ඒවා අතර,
·
මහජන
ස්වාධිපත්‍යය.
·
ව්‍යවස්ථානුකූල
ආණ්ඩු ක්‍රමය.
·
වගකීම් සහිත
ආණ්ඩු ක්‍රමය.
·
අධිකරණයේ
ස්වාධීනත්වය
·
නියෝජන ක්‍රමය.
·
නිදහස් හා
සාධාරන මැතිවරණ.
·
මූලික
මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම.
·
තරඟකාරී පක්ෂ
ක්‍රමය.
·
ජනමාධ්‍යය
නිදහස.
·
බලපෑම්
කණ්ඩායම්.
·
සමාජ
බහුවිධතාවය.
·
විනිවිද
බාවය.
·
ආර්ථික
නිදහස.
·
දේශපාලන නිදහස.
වැනි ලක්ෂණ
ලිබරල් රාජ්‍යක දක්නට ලැබේ.
මේ අතරින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට
අනුව මහජන ස්වාධිපත්‍ය යනු මහජනතාවයි, ස්වාධිපති බලයේ උල්පත මහජනතාවයි. ජනතාවගේ
ඡන්ද බලයෙන් නීතිමය ස්වාධිපති බලය ආණ්ඩුවට පවරයි. එසේ පැවරූ නෛතික බලය ජනතාවට
එපාවූ විටෙක නැවතත් ආණ්ඩුවෙන් වෙන්කරගනී.
නිශ්චිත කාල සීමාවක් තුල ව්‍යවස්ථා
සම්පාදක මණ්ඩලයක් විසින් සම්පාදනය කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දක්නට ලැබේ. එය
රටේ මූලික නීතිය ලෙස ද සඳහන්ය.
වගකීම් සහිත ආණ්ඩු ක්‍රමයක් යනුවෙන් අඳහස් කරන්නේ ජනතාවගේ
කැමැත්ත මත තෝරාගත් පාලකයින්ගෙන් යුත් ආණ්ඩුවකි. ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලනය යනු
භාරකාරත්වය පමණි. විශ්වාසය කඩකල විට ජනතාව ඊට එරෙහි වී පාලකයන් නෙරපා හරී.
නීතියේ ආධිපත්‍යය ලෙස හඳුන්වන්නේ හිතුවක්කාරී
පාලනයෙන් ජනතාව ආරක්ෂා කිරීමයි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයකි. නීතිය
ඉදිරියේ සියලු දෙනා එක සමානය යන ඒ.වී. ඩයිසිගේ මතය
නීතියේ ආධිපත්‍යයයි. පාලකයා මෙන්ම පාලිතයාද නීතියේ ආධිපත්‍යට යටත්ය.
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක අදිකරණයේ
ස්වාදීනත්වය ද තවත් ලක්ෂණයකි. නීතියේ විවෘත බව විධායකයේ බලපෑමකින් තොරව ගෙනයාම එහි
විශේෂ ලක්ෂණයකි.
මෙවන්
කරුණු සමුදායකින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය.
No comments:
Post a Comment